සොබා දහමට කෘතගුණ දක්වන තෛපොංගල් අදයි..

ගොවිතැනට ගරු කිරීමේ අරමුණින් සහ ”දුරුතු මාසයේ උදාව සියලූ පැතුම් ඉටුවේ” යන විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන් සමරන තෛපොංගල් උත්සවය අදට (14දාට) යෙදී ඇත.
ස්වභාව ධර්මයට කෘතගුණ සලකනු වස් සමරනු ලබන තෛපොංගල් උත්සවය මානව සංවර්ධනය ආරම්භයේ සිට ස්වභාව ධර්මය හා බැඳුණු මිනිසා, ස්වභාව සෞන්දර්ය ප්රතාපවත් කරන හිරු දෙවියන් වන්දනා කිරීම කෙරෙහි තබා ඇති අපරිමිත විශ්වාසය හෙළි කරන, විශිෂ්ට මෙන්ම විශේෂ උත්සවයකි. මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති හැඟුම්බර බැඳීම්වලට කෘතගුණ සැලකීමේ මහඟු අවස්ථාවක් වන මෙම උත්සවය එම ජනතාවගේ ආධ්‍යාත්මික ජීවන රටාවට යහපත් සිතුවිලි එක් කරන උත්සවය ලෙස ද හැඳින්වේ.