ගුවන් මගින් පැමිණීමට පෙර අවසර ගතයුතුයි..

ලංකාවට පැමිණෙන සියලු දේශීය සහ විදේශීය ගුවන් මගීන්, පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ ඒම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල වලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත්කර ඇත.
අනුමැතිය ලද මගීන් ඒ පිලිබන්දව තොරතුරු සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත යොමු කළයුතු වනවා.
පසුව ඔවුන් විසින් ගුවන් ටිකට්පත් නිකුත්කිරීම සඳහා ඒ ඒ ගුවන් සේවය වෙත තොරතුරු යැවීම සිදුකරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇත.
අනුමැතිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා [email protected] යන ඊ මේල් ලිපිනය භාවිත කළ හැකියි.