Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

නාරා ආයතනය මඟින් හඳුනාගත් ස්ථාන 192 ක ධීවර අස්වැන්න වැඩිකිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, බස් රථ සහ බෝට්ටු ගැඹුරු මුහුදේ තැන්පත් කිරීමේ දෙවැනි අදියර අද ගාල්ල වරාය භූමියෙන් ආරම්භ කෙරුණා.

ඒ ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාවේ සහයෝගයෙන් එම අවස්ථාව අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණියා.

ගාල්ල ධීවර වරායේ සිට කිලෝමීටර් 03ක් පමණ දුර මුහුදේ මේ බස් රථ තැන්පත් කිරීම සිදු කෙරුණා.

ගාල්ල ධීවර වරාය පාදක කොටගෙන මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වන අතර එය මෙරට තුළ ක්‍රියාත්මක කෙරුණු දෙවැනි අවස්ථාවයි. මීට කලින් පළමු වතාවට ත්‍රිකුණාමලය ධීවර වරාය පාදක කොට ගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.