February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

දසුන්ගේ PASSPORT එක අස්ථානගත වීම නිසා ඊයේ කොදෙව් සංචාරයට පිටව නොයයි

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටව නොගිය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

අමෙරිකානු වීසා සහිතව තිබු විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවිම හේතුවෙන් දසුන් ශානක මෙම තත්ත්වයට මුහුණ පා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට දසුන් ශානක ගේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට සහ අවශ්‍ය වීසා පහසුකම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී සිදුකරනු ලබන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

ගැටලුව විසඳුනු වහාම දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් දුපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.