February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

මෙල්බර්න්හි ‘පාරමිතා බෞද්ධ විහාරය’ ඩීන්සයිඩ් ග්‍රාමයේ ඉදිවූ අයුරු (PHOTOS)

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ ධනයෙන් හා ශ්‍රම දායකත්වයෙන් ඉදිවුණු පාරමිතා බෞද්ධ විහාරය විවෘත කිරීම පසුගිය දා සිදු වුණා.

1998 වසරේ මෙල්බර්න්හි ‍රොක්බෑන්ක් ප්‍රදේශයේ කුඩා නිවසක පූජ්‍ය උඩුවර දේවානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් ආරම්භ කල පාරමිතා බෞද්ධ විහාරය, වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේවෙල දේවරක්ඛිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඩීන්සයිඩ් ග්‍රාමයේ දී අලුතින් ඉදි කෙරුණා.

මේ සඳහා විහාරවාසී පූජ්‍ය ඔක්කම්පිටියේ පුඤ්ඤරතන, පූජ්‍ය ගැරඩිගල චන්දවිමල යන ස්වමීන්වහන්සේලා ඇතුලු විහාරස්ථ දායක සභාව කළ කැපවීම අගය කළ යුතු බව විහාරස්ත දායක සභාවේ උප සභාපති සුනිල් විජේසිරි මහතා සඳහන් කළා.

(සටහන: හෙරෝෂාන් බලගල්ල – මෙල්බර්න් නුවර
ඡායාරූප – නිශාන්ත ඉලංගන්තිලක )