February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

ඇමරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම සිය 777 මාදිලියේ යානා භාවිතය අත්හිටුවීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ, ප්‍රමුඛ පෙළේ ඇමරිකානු ගුවන් සමාගමක් වන යුනයිටඩ් එයාලයින්ස් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානයක එන්ජිමක් පසුගිය සෙනසුරාදා ඩෙන්වර් නගරයට ඉහළින් පියාසර කරමින් සිටියදී අක්‍රීය වීම හේතුවෙන්.

ගුවන් යානයේ එන්ජිමේ සුන්බුන් ඩෙන්වර් නගරයට කඩා වැටී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉහළින් පියාසර කරමින් තිබූ යානයේ එන්ජිම අක්‍රිය වීමත් සමග මගීන් 231 දෙනෙකු රැගත් එම ගුවන් යානය ඩෙන්වර් ගුවන්තොටුපළ වෙත කැඳවීමට සිදුව තිබුණා.

කෙසේ වෙතත්, ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තුරු බෝයිං 777 යානා 128ක් භාවිතයෙන් ඉවත් කර තබන ලෙස බෝයිං සමාගම පවසනවා .