කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ (16) දිනයේ දී විශාල කඩාවැටීමකට ලක්විය. මෙහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය පිළිවෙලිිිින් 4.13% ක් හා 4.15% ක් වශයෙන් පහළ යන ලදී.
දිනය අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 326.36 කින් පහළ ගොස් ඒ්කක 7,580.91 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒ්කක 131.38 කින් පහළ ගොස් ඒ්කක 3,032.21 ක් ලෙසිිිින් සටහන් විය.
පසුගිය ජනවාරි මාසයේ දී විශිෂ්ඨ කාර්යසාධනයක් අත්පත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වුවද මේ වන විට ඒම තත්ත්වය ක්‍රමයෙන් ගිලිහී යන ප්‍රවණතාවක් දක්නට ලැබේ. ජනවාරි මාසය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 28% ක වර්ධනයක් අත්පත් කරගෛන තිබුණු අතර ඊයේ දිනය වන විට ඒම වර්ධන අගය 11.91% ක් දක්වා පහළ බැස ඇත.
මේ අතර පෙබරවාරි මාසයේ ගනුදෙනු දින 10 ක් තුළ දී මේ දක්වා වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 474.55 කින් අඩු වී තිබේ. පූර්ව මාසයේ දී රු. බිලියන 3,789.15 ක් ලෙසින් සටහන් වූ ඒම අගය ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී දැක්වුණේ රු. බිලියන 3,314.59 ක් වශයෙනි.
මේ අතර ආයෝජකයින්ගේ උනන්දුව පහළ ගොස් ඇති බව නිරූපණය වන තවත් සංරචකයක් ලෙස දෛනික පිරිවැටුම හැඳින්විය හැකිය. ඊයේ දිනයේ දී වාර්තා වූ පිරිවැටුම රු. බිලියන 4.27 ක්වූ අතර ජනවාරි මාසයේ දී පිරිවැටුමේ දෛනික සාමාන්‍ය අගය රු. බිලියන 10.32 ක් විය.
More Stories
සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වේ..
මුහුදු පතුලට ගිය ලංගම බස්.. (Photos)
ජනපති සමග සාකච්ඡා ඵලදායි බව අගමැති ඉම්රාන් ඛාන් කියයි..