Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඒ බව සඳහන් කරයි.

පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී තිබෙන අතර ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කරයි