February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

වර්තමානයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය අඩුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොවිඩ් රෝගීන් වැඩිවීමේ ක්‍රම සඳහා රුකුලක් ලැබෙමින් පවතින බව කොළඹදී පසුගිය (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

මෙය බරපතළ ගැටලුවක් බවත් එන්නත ලබා දුන්නත් නොදුන්නත් මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

PCR පරීක්ෂණ උපරිම ධාරිතාවකට පැමිණ තිබෙන අතර දත්ත ලැබීමේ ප්‍රමාදය තවදුරටත් පවතින බවත් එම ප්‍රමාදය හරහා රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සහ නිරෝධායනය සඳහා යොමුකිරීමේ කටයුතු අඩපණ වීම ඉතාමත් බරපතළ ලෙස පවතින බවත් වෛද්‍ය කොළඹගේ මහතා පැවසීය.