Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සඳුදා වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවයි.

කොවිඩ් එන්නත එන්නත්කරණයට ලක්ව විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිවෙස් නිරෝධායනයට ලක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා මිට දින කිහිපයකට පෙර යුද හමුදාපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව වෙත යොමු කොට ඇති අතර එම තීරණය ලබන සඳුදා දිනයේදී ලැබීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.