Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් හඳුන්වන අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ඊයේ දින අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඇය 86 වැනි වියේ පසුවූවා.

ඇය නැටුම් ශිල්පී පණීභාරතයන්ගේ ශිෂ්‍යාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇය අමරදේවයන් වෙනුවෙන්ම කැපවූවාය.

දේහය අද පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාල‍ා‍වේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා

අද සවස 3.00ට ආගමික වතාවත් කිරීමෙන් පසු සවස 5ට දේහය පිලිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා

ජායාරූපය ; දයාන් විතාරණ