Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා ලබන ජූනි මස 17 වෙනිදා දක්වා වසා තැබීමට මධ්‍යම ‍රජය තීරණය කර තිබෙනවා.ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් මහතා විසින් ඒ බව නිවේදනය කරනු ලැබුවා.

මේ නිසා විදේශ සංචාරකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර නොලැබෙන අතර, ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට එරටින් පිටවීමට විශේෂ අවසරයක් ගත යුතුයි.

දැනට ඕස්ට්‍රේලියාවට ඇතුලු වීමට අවසර ඇත්තේ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුලේ සමීපතම පුද්ගලයන්ට පමණයි.. එම පුද්ගලයන්ද දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්යයි.

(ස්වර්ණවාහිනී Live at 8 News)