Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කොයි සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට දූෂණ චෝදනා මත සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.
ඔවුන්ට එරෙහිව වසර තුනක සිර දඬුවමක් දී ඇති අතර ඉන් වසර දෙකක් අත්හිටවූ සිරදඬුවමක් ලෙස සලකා අදාළ නියෝගය දී තිබේ.
හිටපු ජනාධිපතිවරයාට සිය දඬුවම නිවසේ සිට ගත කළ හැකිය. නමුත් ඔහුට “ඉලෙක්ට්‍රොනික් ටැග්” එකක් සවි කිරීමට නියමිතය.